එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී සිංගප්පූරුවට එරෙහිව පැවැති තරගයේදී ගෝල 88 – 50 කින් ජයගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට අද ( 15 ) සමත් විය.
පළමු කාර්තුව ගෝල 21ට 11ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි කාර්තුවද ගෝල 24ට 11කින් පහසුවෙන්ම ජය ගන්නා ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම පරාජය වී තිබුණද මෙම තරගයේදී නැවතත් දක්ෂතා අතරට පැමිණෙමින් තෙවැනි සහ සිව්වන කාර්තු වලදීද පිළිවෙලීන් ගෝල 26ට 14ක්, ගෝල 17ට 14 ක් ලෙසින් කාර්තු 4හිම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
අද පැවැති සෙසු තරග ( 15 වැනිදා )
මලාවි සහ උතුරු අයර්ලන්තය
මලාවි සහ උතරු අයර්ලන්තය අතර පැවැති පැවැති තරගයේදී ගෝල 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට මලාවි දැල්පන්දු කණ්ඩායම සමත් විය. පළමු කාර්තුව ගෝල 12ට 9කින් මලාවි රාජ්‍ය ජයගනිද්දී දෙවැනි කාර්තුව ගෝල 11 ට 10 කින් ජය ගැනීමට උතුරු අයර්ලන්ත කණ්ඩායම සමත් විය. තෙවැනි කාර්තුවේදී කණ්ඩායම් දෙකම ගෝල 12 බැගින් ලබා ගනිමින් එම වටය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුවත් සිවිවන කාර්තුවේදී යළිත් ක්‍රියාත්මක වූ මලාවි රාජ්‍ය ගෝල 13ට 11කින් එම වටය ජය ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.
සිම්බාබ්වේ සහ නවසීලන්තය
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගෝල 43ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය. එහිදි නවසීලන්ත ක්‍රීඩිකාවන් ගෝල 79ක් වාර්තා කරද්දී, සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගත හැකි වූයේ ගෝල 36ක් පමණි.
ඕස්ට්‍රේලියාව සහ බාර්බඩෝස්
ඕස්ට්‍රේලියාව සහ බාර්බඩෝස් කණ්ඩායම් අතර පැවැති තරගයේදී ගෝල 91 – 22 ක විශ්ෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. බාර්බඩෝස් ක්‍රීඩිකාවන්ට එකදු කාර්තුවකදීවත් ගෝල 10 සීමාව පසුකර යාමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගෙන් අවස්ථාවක් හිමි නොවීය. ඒ අනුව එම තරගය ගෝල 69 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
එංගලන්තය සහ ජැමෙයිකාව
ජැමෙයිකාව සහ එංගලන්තය අතර පැවති තරගය ගෝල 56-48 ක් ලෙස ජය තහවුරු කර ගැනීමට එංගලන්තය සමත් විය. එහිදී පළමු කාර්තුව ගෝල 14- 12 කින් ජයගත් එංගලන්තයට දෙවැනි කාර්තුවේදී ජැමෙයිකා ක්‍රීඩිකාවන්ගෙන් තියුණු තරගයක් එල්ල වූ අතර එහිදී දෙවැනි කාර්තුව කණ්ඩායම් දෙකම ගෝල 14 බැගින් ලබා එම වටය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. යළිත් තෙවැනි කාර්තුව ගෝල 16 – 10 කින් ජයගත් එංගලන්තය තරගයේ වැඩි වාසිය ඔවූහූ වෙත නතුකර ගත්හ. යළිත් සිව්වන කාර්තුවද ගෝල 12 බැගින් ලබා ගනිමින් කණ්ඩායම් දෙකම සම වුවද එවිටමත් තරගයේ ජය එංගලන්තය සතුවී තිබිණ.
ෆීජි සහ සැමෝවා
ෆීජී සහ සැමෝව අතර තරගය දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී ගෝල 55-54 ක් ලෙස ජයහිමි වූයේ සැමෝවා කණ්ඩායමටයි.
Be the first to comment