අපිට 13 වැනි ස්ථානයෙන් මෙම තරගාවලිය අවසන් කරන්න තිබුණා – තිලකා ජිනදාස ( වීඩියෝ )

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ කණ්ඩායම් 16ක් අතරින් ශ්‍රී ලංකාව හිමිවූයේ 15 වන ස්ථානයයි. ඒ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6න් තරග 2ක් පමණක් ජය ගැනීමත් සමගය. එම තරග දෙකම සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව ජය ගැනීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් තරගාවලියෙන් පසු srilankasports.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනි තිලකා ජිනදාස කියා සිටියේ මෙවන් අදහසක්.

“ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබද මම සතුටු වනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලැබූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා අපිට 13 වැනි ස්ථානයෙන් මේ තරගාවලිය අවසන් කරන්න තිබුණා කියලා. නමුත් අපි හොද තරග දෙකක් අවසන් කළා. අපේ ඉන්නේ ගොඩාක් යං ටීම් එකක්. ඒ නිසා ආසියානු ශූරියන් විදියට ලෝක කුසලාන තරගාවලිය ඇවිල්ලා මේ විදියට මේ තරගාවලිය අවසන් කරන්න ලැබීම ගැන සතුටු වනවා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තිබූ කැපවීම සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බවයි. මෙම තරගවාලියට පිවිසීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට 2018 වසරේ සිට ඉතා කෙටි කාලයක් මණක් විවේක ගැනීමට අවස්ථාව හිමිවූ බවත් ඒ තුළ මෙම ක්‍රීඩිකාවන්ගේ දැඩි කැපවීමක් තමන් දුටු බවත් ඇය පවසා සිටියායා. ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් හදුනාගෙන වැඩි පිරිසක් නොව අවම වශයෙන් ක්‍රීඩිකාවන් 30 දෙනෙකු පමණවත් හදුනාගෙන ඔවුන්ව දිගු කාලීනව පුහුණුවීම් කටයුතු වල යෙදවීමට ක්‍රියා කරන්නේ නම් අන්තර්ජාතික මට්ටමේ ශ්‍රී ලංකාවට මීට වඩා දුරක් යා හැකි බවයි.

සම්පූර්ණ කතාව මෙතනින්…… 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.