දඹුල්ල කණ්ඩායම අවසන් මහ තරගයට

ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර අද (21) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 7 ක ජයක් හිමි කරගත් දඹුල්ල කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර අවසන් මහ තරගය අනිද්දා (23 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට පන්දුවාර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 216 ක් පමණි.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අවිෂ්ක තරිඳු අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. පන්දු 54 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට අවිෂ්ක තරිඳු සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට ඕවර 49.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ඉවට පත් වූ ලක්ෂාන් ගමගේ පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 55 ක් රැස් කිරීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.