ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කය හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 35 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 187 ලබා සිටියි.
ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට කඩුලු 3ක් ඇතැතිව තවත් ලකුණු 127ක් ලබාගත යුතුව ඇත.
කඩා වැටී තිබූ බංග්ලාදේශ ඉනිම යලීත් ගොඩ නැගූ සබීර් රහිමාන් ලකුණු 60ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
බංග්ලාදේශය පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 5කට ලකුණු 161
සංචාරක බංග්ලාලේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (26) පැවැත්වෙන පළමු එක්දින තරගයේ ලකුණු 315ක ඉලක්කය හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10 ක් අවසනානයේ කඩුලු 3ක් දැවී ලකුණු 36 ලබා සිටියි. ඒ අනුව බංග්ලාදේශය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 279 ක් පිටුපසින් පසුවෙයි.
තම අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංග මේ වනවිට විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිටියි බංග්ලාදේශ ඉනිමේ බිදවැටුණු කඩුලු 3න් කඩුලු 2ක්ම දවාලීමට ලසිත් මාලිංග සමත් විය.
මුෂ්ෆිකර් රහීම් හා මහමදුල්ලා නොදැවී පන්දුවට පහර දෙමින් සිටිති.
Be the first to comment