එක්දින පිටියෙන් සමුගත් මාලිංග, විස්සයි 20 ලෝක කුසලානයට කල් ඇතිවම සැලසුම් හදයි

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91 ක විශිෂ්ට ජයක් මෙන්ම ඔහු සහභාගී වූ අවසන් එක්දින තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වීම මහත් සතුටක් බව එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග තරගයෙන් පසු  පැවැති මාධ්‍ය හමුව වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

එහිදී ඔහු කියා සිටියේ එක්දින පිටියෙන් සමු ගත්තද, 2020 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ඔහු ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මට දන්වා සිටියේ,  විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තවමත් තියෙන නිසා ඒක 2020 ලෝක කුසලානය දක්වා පවත්වාගෙන යන්න කියලා.ඒ නිසා මම දැන් එක්දින පිටියෙන් සමුගෙන ඉන්න නිසා ඒ සඳහා සැලැස්මක් හඳනවා. මම හිතන්නේ නැහැ මම තරම් විස්සයි 20 තරග ක්‍රීඩා කරපු කෙනෙක් තවත්ඉ න්නවා කියලා. ඒ වගේම ඒ ප්‍රෙෂර් එක අරන් සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක්  තව ඇති කියලා. නමුත් මම කාලයක් බලන් හිටියා. නමුත් මෙම විස්සයි 20 කියන දේ කොතරම් කඩන් වැටිලද තියෙන්නේ. ඒ නිසා විස්සයි 20 ලෝක කුසලානයට යාමට පෙර කොහොමද පුහුණුවීම් වෙන්න ඕන, මොන ප්ලේයර්ස්ලද ඕනේ, කියන දැනීම මට තියෙනවා. ඒ නිසා මම තේරීම් කමිටුව එක්ක කතා කරන්න සූදානම වෙනවා මෙම විස්සයි 20 තරග රටාව සුදුසු ක්‍රීඩකයන් 20ක් 25ක් හදාගන්න. මම නායකයා විදියට පිටිය මැදට යනවනම්, මට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ ස්කිල් එක හදාගන්න ඕන. ඉතින් මම සරලව මේ පිළිබදව තේරීම් කමිටුව කියලා බලනවා. ඔවුන් ඒකට කැමති වෙනව නම් මම ඒ ප්‍රතිපත්ති එක්ක කණ්ඩායම ඉදිරියට ගෙන යනවා. නැතිනම් ඉවත් වෙන්න වුනත් මම සූදානම් යැයි ලසිත් මාලිංග අදහද් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග ප්‍රකාශ කර සිටියේ, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මාවන් අතපත්තු, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් වැනි ක්‍රීඩකයන් යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම ඔහු ලැබූ මහත් භාග්‍යක් බවයි. එසේම තමන් ජාත්‍යන්තර තලය වෙත ගෙන ඒමට කටයුතු කළ වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමණායක මහතා ද මතක් කිරීමට ඔහු අමතක නොකළේය.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙග පන්දු යවන්නන් පිළිබද අදහස් දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ, අපිට ජාතික තලයේ ක්‍රීඩා කරන්න තරම් සුදුසු පන්දු යවන්නන් පිරිසක් ඉන්නවා. නමුත් අපි බලන්න ඕන ජාතික තලය වගේම ජාත්‍යන්තරයට ඔවුන්ව මුදා හරින්නේ කොහොමද කියලා. ඒකට ඒ අයට ස්කිල් එක හරියට දෙන්න ඕන. ළහිරු කුමාර , විශ්ව ප්‍රනාන්දු , දුෂ්මන්ත චමීර වගේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් අපිට ඉන්නවා. ළහිරු කුමාර කියන්නේ ලංකවේ දැනට වේගයෙන්ම පන්දු යවන ක්‍රීඩකයා. නමු් ඔවුන්ට තවමත් අත්දැකීම් අඩු නිසා ඔවුන්ට ඒ ස්කිල් එක ලබා දීලා හරි මාර්ගය පෙන්වලා දෙන්න ඕන. මම ඕනම වේලාවක ඔවුන්ට උදව් කිරීමට සූදානමෙන් ඉන්නවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර බංග්ලදේශ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ඉදිරියට පැමිණි කණ්ඩායම් බවට කාගේත් කතා බහට ලක්විය. කෙසේ වෙතත් ලකුණු 315 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 223 ක් පමණි. දෙරට අතර දෙවැනි එක්දින මේ මස 28 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.