මව්බිමේදී වසර 3කට පසු එක්දින තරගාවලියක් ජය ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද පිටියට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (28) පැවැත්වීමට නියමිතයි. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30ට ආරම්භ වේ.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගය ලකුණු 91කින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ සිය මව් බිමේදී වසර 3කුත් මාස 8කට පසු  එක්දින තරගාවලියක් ජය ගැනීමේ අරමුණිනි.

ශ්‍රී ලංකාව 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන් තරග 3-0 කින් පරාජය පරාජය කරමින් එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වුවද ඉන් වසර 3කුත් මාස 8ක් ගෙවීයත්ම ශ්‍රී ලංකාවට තවමත් සිය මව්බිමේදී පූර්ණ එක්දින තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව හිමි නොවීය.

2016 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 4-1 පරාජයකුත්, 2017 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 3-2 ක පරාජයකුත් වැළදගත් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියද තරග 5-0 කින් පරාජයට පත්විය.

2018 වසරේ පැවැති එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලිය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය පිළිවෙළින් තරග 3-1 කින් සහ තරග 3-2කින් පරාජය වීමට සිදුවිය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී මේ දක්වා එක්දින තරග  07ක් පවත්වා ඇති අතර එම තරග 7ම ජය ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ලසිත් මාලිංග එක්දින  ක්‍රිකට් පිටියට සමු දීමත් සමග දෙවැනි හා තෙවැනි එක්දින තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කණ්ඩායමට එක් වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.