අවිශ්ක ප්‍රනාන්දුගේ පියාණන් වන කෝලින් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර හදිසියේම අසනීප විම හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. ඔහුට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑමට සිදුවූයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට පැවැත්වෙන දෙවැනි එක්දින තරගය නරඹමින් සිටියදීයි.
කෝලින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එකට තරගය නරඹමින් සිට ඇති අතර එම අවස්ථාවේදී මෙම අසනීප තත්ත්වයට මුහුණ පෑමට අවිශ්ක ප්‍රනාන්දුගේ පියාට සිදුවිය. එම අවස්ථාවේදී වහාම ඔහු රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තිලංග සුමතිපාල මහතා ප්රමුඛ නිලධාරී මණ්ඩලය පියවර ගෙන ඇත.
Be the first to comment