සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම, දෙවැනි දිනය වන අද දිනට ( 03 ) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 267 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් ඇතැතිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා තවත් ලකුණු 17ක් පිටු පසින් පසුවෙයි.
දෙවැනි දිනට තරගය නතර කරන විට ආරම්භක පිතිකරු රොරි බර්න්ස් ( නොදැවී ලකුණු 125 ) සහ උප නායක බෙන් ස්ටොක්ස් ( නොදැවී ලකුණු 38 ) ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියහ.
රොරි බර්න්ස් පන්දු 224කදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ මංගල ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර එයට හතරේ පහර 14ක් ඇතුළත් විය.
එංගලන්ත ඉනිම ඇරඹීමට පිටියට පිවිසි රොරි බර්න්ස්ට හා ජේස්න් රෝයිට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ජේම්ස් පැට්න්සන් ලකුණු 10ක් ලබා සිටි ජේස්න් රෝයි පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. රෝයිගේ දැවී යාමෙන් පසු පිටියේ එක්වූ නායක ජෝ රූට් හා රොරී බර්න්ස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 132 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
ජෝ රූට්, පිටර් සිඩෙල්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 119 කදී ලබා සිටියේ ලකුණු 57ක් පමණි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. සිය පළමු ඉනිමේදී ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් හිමි නොවූ ජෝ ඩෙන්ලි සහ ජොස් බට්ලර් පිළිවෙලින් ලබා ගත්තේ ලකුණු 18 ක් සහ ලකුණු 05ක් පමණි.
පන්දු යැවීමේදී ජේම්ස් පැට්න්සන් ලකුණු 54කට කඩුලු 2ක් බිද හෙලීය.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස් කිරීමට සමත් විය.
හෙට ( 04 ) තරගයේ තෙවැනි දිනයයි.
එංගලන්ත පළමු ඉනිම – පන්දුවාර 90 කදී කිකඩුලු 4කට ලකුණු 267
( රොරි බර්න්ස් නොදැවී 125 , ජෝ රූට් 57, බෙන් ස්ටොක්ස් නොදැවී 38, ජේම්ස් පැට්න්සන් 54/2 )
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – පන්දුවාර 80.4කදී සියලු දෙනා දැවී ලකුණු 284
( ස්ටිව් ස්මිත් 144, ට්‍රැවිස් හෙඩ් 35, පීටර් සිඩෙල් 44, නේතන් ලයන් නොදැවී 12, ස්ටුවඩ් බ්‍රෝඩ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3 )
සියලු තොරතුරු www.srilankasports.com ඇසුරෙන් බලාපොරොත්තු වන්න.
Be the first to comment