ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට අවසන් දිනය තුළදී ලකුණු 398 ක ඉලක්කයක් හිමි වූ අතර එය හඹා යමින් සිටින එංගලන්ත කණ්ඩායම අවසන් දිනය වන අද ( 5) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 85ක් ලබා සිටියේය.
එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම දිවා ආහාරයටත් ප්‍රථම පිටියෙන් ඉවත් කළ නේතන් ලයන් හා පැට් කමින්ස් තරගයේ වැඩි වාසිය මේ වනවිටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතුකර දී අවසන්ය. . ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා කඩුලු 6ක් ඇතැතිව තවත් ලකුණු 313ක් ලබාගත යුතුව තිබේ.
ජයග්‍රහණය කෙසේ වුවද, තරගය ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට නම්, එංගලන්තයට තවත් පන්දුවාර 65ක් ක්‍රීඩාකර යුතුව තිබේ. නමුත් මේ වන විටත් එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම දැවීගොස් ඇති හෙයින් එය සුළු පටු කරුණක් නොවනු ඇත.
පන්දුවට පහර දෙමින් සිටි ජොස් බට්ලර් ( නොදැවී ලකුණු 1 ) සහ බෙන් ස්ටොක්ස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියහ.
පන්දු යැවීමේදී නේතන් ලයන් ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලීය.
එංගලන්ත දෙවැනි ඉනිම ( දිවා ආහාරයට තරගය නතර කරන විට ) – පන්දුවාර 30.1 කදී කඩුලු 4කට ලකුණු 85
( ජේසන් රෝයි 28, ජෝ රූට් 28, නේතන් ලයන් 31/3 )
Be the first to comment