මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමය විසින් සර්බියාවේ විශේෂ පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සහය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියි. මෙම පුහුණුකරුවන් යොදා ගැනීම සඳහා ජාත්‍යන්තර හෑන්ඩ්බෝල් සම්මේලනය සිය අනුමැතිය ද හිමිව තිබේ.
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයට මෙම පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම සඳහා අවශ්‍ය සහය මෙන්ම එය සහතික කිරීමට ක්‍රිඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුවද සියලු කටයුතු සම්පාදනය කරමින් පවතියි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග ඉසව් 27කදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය. මෙවර තරගාවලිය නේපාලයේ කත්මන්ඩු නුවරදී දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
Be the first to comment