මේ මස 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිත බැඞ්මින්ටන් ලෝක ශූරතාවලියට හිටපු ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, සහභාගි වීමට සූදානමින් සිටියි.
නිලූක කරුණාරත්න මේ වන විට බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටිනුයේ 124 වැනි ස්ථානයේයි. ඔහුගේ එකම අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි වී, ශ්‍රේණිගත ලකුණු ලබාගනිමින් තෙවැනි වරටත් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමයි.
මීලග ඔලිම්පික් තරගාවලිය 2020 ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 24 වැනිදා දක්වා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සුදුසුකම් ලැබීමේ කාල සීමාව ලබන වසරේ අප්‍රේල් මස 26 වැනිදායින් නිමාවට පත්වේ.
Be the first to comment