දීර්ඝ ඉතිහාසයක් සහිත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ , පැවත ආ සම්ප්‍රදාය වෙනස් කරමින් අලුත්ම ආරයකින් යුතුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හදුන්වා දෙනු ලැබූ ක්‍රීඩකයාගේ නම සහ ටෙස්ට් වරම් දිනාගත් අංකය සටහන් කරන ලද ඇදුම පසුගියදා ආරම්භ වූ අළු බදුන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් කරලියට පළමු වරට හදුන්වා දෙනු ලැබීය.
මේ සමග ශ්‍රී ලංකාව හෙට ( 14 ) සහභාගී වන පළමු ටෙස්ට් තරගයට අදාලව වෙනස් කරන ලද ශ්‍රී ලංකා නිල ඇදුම ද අද නිල වශයෙන් මාධ්‍ය වෙත මුදා හැරීය.
එක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි.
නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අඳින සුදු වර්ණය සහිත ඇඳුමෙහි ඉදිරිපස ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් දිනාගත් අංකය, තමන්ගේ රටෙහි නිල ලාංඡනය හා තවත් අතිරේක යමක් මුද්‍රිතව තිබෙනවා හැර, ඇඳුමේ පිටුපස කිසිවක් සටහන් නොකිරීම සම්ප්‍රදායක් ලෙස මෙතෙක් පැවතුණි.
Be the first to comment