ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති දෙවැනි කොටසේ තරගයන්හිදී මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාල ඒ කණ්ඩායෙම් කවිශ්ක ලක්ෂාන් සහ යාපනය ශාන්ත පැට්රික් විද්‍යාල ඒ කණ්ඩායමේ එම් එඩිෂන් විශිෂ්ට පන්දු යැවීමක් වාර්තා කරමින් කඩුලු 5 බැගින් බිද හෙලීමට සමත් වූහ.
මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාල කණ්ඩායම සහ කොළඹ ශෘන්ත ජෝශප් විද්‍යාල බී කණ්ඩායම අතර පැවැති තරගයේදී ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට මිනුවන්ගොඩ නාලන්දා විදයාලය සමත් විය. එම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවිශ්ක ලක්ෂාන් ලකුණු 10කට කඩුලු 5ක් බිද හෙලීය.
වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල ඒ කණ්ඩායම සහ යාපනය ශාන්ත පැට්රික් විද්‍යාල ඒ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 57ක ජයක් වාර්තා කිරීමට වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුවද, ඔවුන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යාපනය ශාන්ත පැට්රික් විද්‍යාලයේ එම් එඩිෂන් ලකුණු 28කට කඩුලු 5ක් බිද හෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
Be the first to comment