සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනට ( 15 ) තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 227 ලබා සිටියේය. ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව කඩුලු 3ක් ඇතැතිව තවත් ලකුණු 22ක් පිටුපසින් පසුවෙයි.
පන්දුවට පහර දෙමින් සිටින නිරෝෂන් දික්වැල්ල ( නොදැවී 39) සහ සුරංග ලක්මාල් ( නොදැවී 28 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.
පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාවට රතු එළි දැල්වූ අජාස් පටෙල්, මෙම තරගයේදී ද සම්පූර්ණයෙන්ම තරගය සියතට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දඩයම ආරම්භ කිරීමට පටන් ගත්තේය. තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 7ක් ඇතැතිව සිටි ශ්‍රී ලංකා ඉනිමෙන් තවත් කඩුලු 4ක් උදුරාගත් පටෙල් ප්රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ නැවතත් තරගය ඔවුන්ගේ දෙසට හරවා ගැනීමට සමත් වූහ. ඇන්ජලෝ මැතිවුස් හා කුසල් මෙන්ඩිස් ගොඩ නැගූ ශ්‍රී ලංකා ඉනිමට මැද පෙළ ක්‍රීඩකයන්ගෙන් මනා සහයක් නොලැබීම ශ්‍රී ලංකා පිලේ බිද වැටීමට ප්‍රධාන හේතුව විය. කුසල් ජනිත් පෙරේරා ( 01 ) සහ ධනංජය ද සිල්වා ( 05 ) තමන්ගේ කාර්යය නිසියාකාරව කණ්ඩායමට ඉටු නොකිරීමට අපොහොසත් වීම නිසා පිතිකරුවන්ගේ කාර්යය පන්දු යවන්නන්ටද කිරීමට සිදුවිය.
ලකුණු 167කට කඩුලු 7ක් බිද වැටී තිබියදී අටවන කඩුල්ල සඳහා එක් වූ නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් පන්දු 148 කදී ලකුණු 66 ක නොබිදුණු සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිලේ අභිමානය බේර ගත්තේය. ඔවුන් දෙදෙනා නොසිටින්නට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 200 කට අඩුවෙන් සීමා වීමට ඉඩ තිබිණ. සිය පන්දුවෙන්ම මෙන්ම පිත්තෙන් ද කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදුන් සුරංග ලක්මාල් පන්දු 79 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 28 රැස් කිරීමට සමත් විය.
ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිට නැවතත් කණ්ඩායමට පැමිණි නිරෝෂන් දික්වැල්ල නායකයාත්, තේරීම් කමිටුවත් ගත් තීරණය නිවරදි බව ඔප්පු කළේ අවශ්‍ය මොහොතේ සුරංග ලක්මාල් සමගින් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 39ක් රැස් කිරීමත් සමගය.
ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්නට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාවක් ලබා නොදුන් අජාස් පටෙල් ලකුණු 10ක් ලබා සිටි ලහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. තිරිමාන්නගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 39ක් සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.
39 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින කුසල් මෙන්ඩිස් පන්දු 89 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76 කට කඩුලු 5 ක් බිද හෙලීය.
නවසීලන්ත ඉනිම ලකුණු 249 ට සීමා වෙයි
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් සිය පළමු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 249ක් පමණි. පළමු දිනට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5ක් අහිමිව ලකුණු 203ක් ලබාසිටි නවසීලන්ත පිතිකරුවන්ට අද දිනයේ ලබාගත හැකිවූයේ ලකුණු 46ක් පමණි. අකිල ධනංජය පළමු දිනයේ (14 ) ලබාදුන් සාර්ථක ආරම්භයට සාධරණයක් ඉටුකළ සුරංග ලක්මාල් අද දිනයේ සෙසු පිතිකරුවන් සිව්දෙනෙකුම ලකුණු 29කට දවාලමින් අකිලට නොදැවිනි පන්දු යැවීමක නිරත විය.
කඩා වැටී තිබූ නවසීලන්ත ඉනිම ඉහළට ඔසවා තැබූ රොස් ටේලර් අද දිනයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වූයේ නවසීලන්ත ඉනිමේ අවසන් තුරුම්පුවද ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. රොස් ටේලර් දැවී යනවිට පන්දු 132 කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 86ක් ලබා සිටියේය.
නවසීලන්ත පළමු ඉනිමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 71ක් තුළදී පිටියෙන් ඉවත් කරමින් අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු දිනය වූ ඊයේ සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.. එහෙත් ඉන් අනතුරුව පිටියේ එක් වූ රොස් ටේලර් හා හෙන්රි නිකලස් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 100 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූයේ නවසීලන්තයට තරමක සැනසිල්ලක් එක් කරමිනි. නවසීලන්ත පළමු ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෙන්රි නිකලස් ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.
නවසීලන්ත ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ටොම් ලේතන් හා ජිට් රාවෙල්ට ආරම්භ කඩුල්ල සඳහා ගොඩ නැංවිය හැකිවූයේ ලකුණු 64ක සබඳතාවයක් පමණි. අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ටොම් ලේතන් ලකුණු 30 කට දැවී යද්දී, නායක කේන් විලියම්සන්ට සිය පළමු ඉනිමේදී එකදු ලකුණක්වත් රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවීය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන වරටත් කඩුලු 5 ක් ලබා ගැනීමට අකිල ධනංජය සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සුරංග ලක්මාල් ලකුණු 29කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – ( දෙවැනි දිනට තරගය නතර කරන විට ) – පන්දුවාර 80 කදී කඩුලු 7කට ලකුණු 227
( දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් 53 , ඇන්ජලෝ මැතිවුස් 50, නිරෝෂන් දික්වැල්ල 39, සුරංග ලක්මාල් 28, අජාස් පටෙල් 76/5 )
නවසීලන්ත පළමු ඉනිම – පන්දුවාර 83.2 කදී සියලු දෙනා දැවී ලකුණු 249
( ජිට් රාවල් 33, ටොම් ලේතන් 30, රොස් ටේලර් 86, හෙන්රි නිකලස් 42, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4 )
Be the first to comment