ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තවමත් තමන්ට අදහසක් නොමැති බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් පවසයි.
කෙසේවෙතත් මීට පෙර ප්‍රකාශ වුයේ ගේල් ඉන්දියාව සමනග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න බවට යි .
මේ බවට පළවුණු කතා සනාථ කරමින් ඉන්දියාව සමඟ බදාදා (14) පවතී තින්වන එක්දින තරයයේදී ලකුණු 72ක් රැස්කර ක්‍රිස් ගේල් දැවී ගිය අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සිය ආචාරය පුද කරනු ලැබුවේ ගේල් ගේ අවසන් එක්දින තරගය ලෙස උපකල්පනය කරමිනි.
ගේල් පිටියට පිවිසියේ ඔහු වෙනුවෙන්ම සකස් කරනු ලැබූ අංක 301 ටි ෂර්ටය ඇඳගෙනය
ගෞරවාන්විත සමුගැනීමක් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සටහන් සටහන් කරලීම සඳහා හෙතෙම ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ගේල් එක් කිරීම එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ හේතුවෙන් ඉන්දියාව සමඟ පැවැත්වූ තුන්වෙනි එක්දින තරගය ගේල්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇති බවට වාර්තාවී තිබිණි.
” මම විශ්‍රාම ගැනීමක් තවම ප්‍රකාශ කරලා නැහැ . නැවත දැනුම් දෙන තුරු මම බටහිර ඔන්දිය කණ්ඩායමට ක්‍රීඩා කිරීම නතර කරලා නැහැ’ ලෙස ගේල් ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය පිළිබඳව නොදත් ඉන්දීය කණ්ඩායමේ නායක වීරත් කෝලි සිය ජාත්‍යන්තර මිතුරාගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක්කර තිබේ.
” මම ගේල් ගේ අනාගත දිවියට සුබ පතනවා . ඔහු බටහිර ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ ඉටු කර තිබෙනවා ” කෝලි සඳහන් කළේය
Be the first to comment