සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම තෙවැනි දිනට ( 16 ) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා සිටියේය. මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වේ.
නිරෝෂන් දික්වැල්ලගේ හා සුරංග ලක්මාල්ගේ ප්‍රවේසම්කාරි පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 267 ක් රැස් කිරීමට සමත් විය.
නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 81ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ලකුණු 40කට සුරංග ලක්මාල් දැවීයාමත් සමග ශ්‍රී ලංකාවේ 8 වැනි කඩුල්ලද බිද වැටුණි. ඉන් අනතුරුව පිටියේ එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 267ක් දක්වා ඉදිරියට ගෙන ගියහ.
තම ටෙස්ට් දිවියේ 12 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.
පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාවට රතු එළි දැල්වූ අජාස් පටෙල්, මෙම තරගයේදී ද සම්පූර්ණයෙන්ම තරගය සියතට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දඩයම ආරම්භ කිරීමට පටන් ගත්තේය. දෙවැනි දිනය වූ ඊයේ තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 7ක් ඇතැතිව සිටි ශ්‍රී ලංකා ඉනිමෙන් තවත් කඩුලු 4ක් උදුරාගත් පටෙල් ප්රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ නැවතත් තරගය ඔවුන්ගේ දෙසට හරවා ගැනීමට සමත් වූහ. ඇන්ජලෝ මැතිවුස් හා කුසල් මෙන්ඩිස් ගොඩ නැගූ ශ්‍රී ලංකා ඉනිමට මැද පෙළ ක්‍රීඩකයන්ගෙන් මනා සහයක් නොලැබීම ශ්‍රී ලංකා පිලේ බිද වැටීමට ප්‍රධාන හේතුව විය. කුසල් ජනිත් පෙරේරා ( 01 ) සහ ධනංජය ද සිල්වා ( 05 ) තමන්ගේ කාර්යය නිසියාකාරව කණ්ඩායමට ඉටු නොකිරීමට අපොහොසත් වීම නිසා පිතිකරුවන්ගේ කාර්යය පන්දු යවන්නන්ටද කිරීමට සිදුවිය.
පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 89කට කඩුලු 5ක් සහ විලියම් සමර්විල් ලකුණු 83කට කඩුලු 3ක් බිද හෙලීය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 93.2කදී සියලු දෙනා දැවී ලකුණු 267
( දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් 53 , ඇන්ජලෝ මැතිවුස් 50, නිරෝෂන් දික්වැල්ල 61, සුරංග ලක්මාල් 40, අජාස් පටෙල් 89/5, විලියම් සමර්විල් 83/3 )
නවසීලන්ත පළමු ඉනිම – පන්දුවාර 83.2 කදී සියලු දෙනා දැවී ලකුණු 249
( ජිට් රාවල් 33, ටොම් ලේතන් 30, රොස් ටේලර් 86, හෙන්රි නිකලස් 42, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4 )
Be the first to comment