නිලානිට දකුණු ආසියානු ක්‍රීඩා වරම් හිමිවේද ?

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහගිඅගි වීමට කාන්තා මීටර් 3000 බාදක දිවීමේ ඉස්ව්වේ ශ්‍රී ලංකා වාර්තාව ද හිමි නිලානී රත්නායක ගේ ප්‍රාර්ථනාව මේවනවිට සිහිනයක් වී තිබේ.

ඊට පළමු හේතුව වන්නේ මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඉවත් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබීමත් මීටර් 5000 ඉසව්වේ දී අසනීප තත්ත්වයක් නිසා අතර මග නතරවී තරගය අතහැර දැමීම අනෙක් හේතුවයි.

පසුගියදා නිමාවට පත්වූ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 3000 බාදක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් නිලානි රන් පදක්කම දිනා ගත් අතර මෙවර මීටර් 5000 ඉසව්වට සහභාගිවුවද අසනීප තත්වයක් හේතුවෙන් මීටර 5000 තරග ඉසව්වද නිමා කිරීමට නොහැකිවිය

ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් මේ සම්බන්ධයෙන් නිලනිගේ පුහුණුකරුවන සජිත් ජයලාල් ගෙන් කරුණු විමසීමක් කල අතර එහිදී ඔහු පැවසුවේ ඉදිරියේදී එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සම්බන්ධයෙන් පැවැත්වෙන රැස්වීමේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව තරගාවලියට එක්කිරීමට අනෙක් රටවල් එකඟ කරගතහොත් නිලානි ට තරගාවලියට එක්වීමේ අවස්ථාව උදාවන බවයි.

” රැස්වීමේදී ශ්‍රී ලංකාව අනෙක් රටවල් 3ක්කගේ එකඟත්වය ඇති කරගන්න සමත් වුනොත් ඉසව්ව එකතු කරන්න පුළුවන් . සාමානයෙන් ඉසව්වක් සඳහා රටවල් 3ක් වත් සහභාගී වෙන්නේ ඕන . ඉන්දියාවේ ක්‍රීඩිකාවක් ඉන්නවා . මම දන්න හැටියට නිපලයේත් ක්‍රීඩිකාවක් ඉන්නවා. අපේ නිලධාරීන්ගේ උත්සාහය මත තමයි හැමදේම තීරණය වෙන්නේ “

“මේ ගැන මට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයත් කතා කළා . ඒ අය උත්සහ ගන්නවා කිව්වා තරග ඉසව්ව ඇතුලත් කරගන්න. එහෙම වුනොත් අපිට රන් පදක්කමක් ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ” සජිත් ජයලාල් විශ්වාසය පළකළේය.

2016 වසරේ දී ද මීටර් 3000 බාදක දිවීමේ ඉසව්ව නොපැවැත්විය .

එවර නිලානී මීටර් 1500 හා මීටර් 5000 ඉසව් වෙනුවෙන් තරග වැදී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.