සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමඟ දිවා ආහරයෙන් පසුව තරගය ආරම්භ කිරීමට හැකියාවක් නොලැබීම නිසා දෙවැනි දිනට ද තරගය අතහැර දැමීමට සිදුවිය. ඒ අනුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනට තරගය නතර කරන විට, කඩුලු 6ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියේය.
ධනංජය ද සිල්වා (නොදැවී 32 ) සහ දිල්රුවන් පෙරේරා (නොදැවී 05) ලබා කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය වූ ඊයේ (22) කඩුලු 2ක් අහිමි කරගනිමින් සිටි ශ්‍රී ලංකා ඉනිමෙන් තවත් කඩුලු 4ක් අද දිවා අහාරයටත් ප්‍රථම උදුරා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූයේ තරගයේ වැඩි වාසිය ඔවුන් වෙත නතුකර ගනිමිනි. දහවල් දිවා ආහාරයෙන් පසුව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් , තේ පානය වන විටත් තරගය ආරම්භ කිරීමට අවස්තාවක් හිමි නොවීම හේතුවෙන් දෙවැනි දිනට තරගය අතහැර දැමීමට තරග තීරකයෝ තීරණය කළහ. පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී නියමුවා බවට පත් වූ, නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී, ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ
Be the first to comment