ශ්රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව සහ ශ්රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව 17 වැනි වරටත් සංවිධානය කළ ‘විජයබාහු මොටෝක්රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජපන් ජාතික ටකසේ ටනාකා සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්විණ.
ඉකුත් වසරේ (2018) පැවැති විජයබාහු මොටෝක්රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ ඉෂාන් දසනායකට සිය යතුරුපැදියේ හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.
ඉසව් 13 කින් සමන්විත වූ මෙම තරගාවලියට යතුරුපැදිකරුවන් 125 ක් පමණ සහභාගි වූ අතර එහි ප්රධාන ආරාධිතයා ලෙස යුධ හමුදා මාණ්ඩලික ප්රධානී මේජර් ජනරාල් සත්යප්රිය ලියනගේ මහතා සහභාගි විය. මෙවර තරගාවලියේ ප්රධාන අනුග්රාහකයා ලෙස එයාර් වොයිස් වයර්ලස් සමාගම කටයුතු කළ අතර සිංගර් ශ්රී ලංකා සමාගම සහ මහජන බැංකුව සම අනුග්රහකයන් ලෙස තරගාවලියට එක් විය.
Be the first to comment