ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර 12 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් කරුණාරත්න, ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමත් සමග ඔහු වර්ගීකරණයේ 8වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය ද නිමාවේදී දිමුත් කරුණාරත්නට ඔහු ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ මෙතෙක් ලැබූ ඉහළම ස්ථානය වෙත ලගා වීමට හැකියාව ලැබිණ.
ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 910 ලබා ගනිමින් ඉන්දීය නායක විරාට් කෝලි පෙරමුණේ පසුවන අතර ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් මෙම සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. කේන් විලියම්සන්ට එහි හිමිව ඇත්තේ තෙවැනි ස්ථානනයි.
Be the first to comment