සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.
බුම්රාගේ මෙම කඩුලු ත්‍රිත්වයත් සමග ඔහු ඉතිහාසය එක්වූයේ ඉන්දීය පන්දු යවන්නෙකු ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තෙවැනි පන්දු යවන්නා බවට පත් වෙමිනි. ඔහුට පෙර ඉන්දීය හිටපු පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉර්ෆාන් පතාන් සහ හර්බජාං සිං මෙලසෙ කඩුලු ත්‍රිත්වය බැගින් ලබාගෙන තිබුණි.
කොදෙව් ඉනිමේ 9 වැනි පන්දුවාරය අතට ගත් ජස්ප්‍රිට් බුම්ර දෙවැනි පන්දුවේදී කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්රාවෝ පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඉන් නොනැවතුණු බුම්රා තෙවැනි හා සිව්වන පන්දු වලදී ෂමාස් බෘක්ස් සහ රොස්ටන් චේස්ගේ කඩුලු 2 ක බිද හෙලමින් මෙම දක්ෂතාවය පෙන්නුම් කළේය.
පළමු ටෙස්ට් තරගයේදී ද බුම්රාගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ කොදෙව් ක්‍රීඩකයන්ට මෙම තරගයේදී ද යළිත් ඔහුගේ පන්දුව හමුවේ අසරණ වීමට සිදුවිය. ඉන්දියාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 416ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව්වන් දෙවැනි දිනට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 87ක් ලබා සිටියේය. එම කඩුලු 7න් කඩුලු 6ක්ම තමන්ගේ ගිණුමට එක්කර ගැනිමට බුම්රා කටයුතු කලේ ප්‍රතිවාදීන්ට ලකුණු 16ක් පමණක් ලබා දෙමිනි.
Be the first to comment