පාපන්දු ලොව රජ කරන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවා යමින් මෙවර UEFA වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට නෙදර්ලන්තයේ ආරක්ෂක පෙළ ක්‍රීඩක වැන් ඩිජ් සමත් විය.
පාපන්දු ක්‍රීඩකයන් වෙත පිරිනමන ඉහළම සම්මානයක් වන UEFA සම්මානය නෙදර්ලන්ත කණ්ඩායමට අමතරව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කරන වැන් ඩිජ් දිනා ගත්තේ පාපන්දු ලොවේ සුපිරි රජවරුන් දෙදෙනා වන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවමිනි. මෙම සම්මානය දිනූ පළමු නෙදර්ලන්ත ක්‍රීඩකයා මෙන්ම පළමු ලිවර්පූල් ක්‍රීඩකයාද වන වැන් ඩිජ් එය දිනූ පළමු ආරක්ෂක පෙළ ක්‍රීඩකයාද වීම තවත් විශේෂත්වයකි.
වසරේ ක්‍රීඩකයා සම්මානයට අමතරව මෙම වසරේ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩකයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.
28 හැවිරිදි වැන් ඩිජ් 2015 වසරේ සිට නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරන අතර මේ වන විට තරග 28කදී ගෝල 4ක්ද වාර්තා කිරීමට සමත්ව සිටී.
2013 වනසරේ සිට එංගලන්ත පාපන්දු සමාජ නියෝජනය කරන වැන් ඩිජ් 2013 සිට 2015 දක්වා සෙල්ටික් කණ්ඩායමද 2015 සිට 2018 දක්වා සවුත් හැම්ප්ටන් කණ්ඩායමද නියෝජනය කළේය. ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් තරග වැදීම වැන් ඩිජ් ආරම්භ කළේ 2018 වසරේ සිටය.
Be the first to comment