ඉන්දීය සුපිරි ක්‍රීඩිකා, මිතලි රාජ් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ නිවේදනය අද ( 03 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාය.
2021 වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් විස්සයි 20 පිටියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඇය පවසා තිබේ.
එංගලන්තයට එරෙහිව 2006 වසරේ විස්සයි 20 වරම් දිනාගත් ඇය මෙම වසරේ මාර්තු මාසයේදී එංගලන්තයට එරෙහිවම අවසන් විස්සයි 20 තරගයට ක්‍රීඩා කළාය.
විස්සයි 20 පිටියට සමුදෙන විට තරග 89 කදී අර්ධ ශතක 17ක් සමගින් ලකුණු 2364ක් තමන්ගේ ගිණුමට එක්කර ගැනීමට ඇය සමත් වූවාය.
Be the first to comment