අර්ජුන් අසාද් ඉන්දීය යොවුන් පිලට ජය ගෙනෙයි

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ කුවේටයට එරෙහිව කොළඹ සී. සී. සී ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය යොවුන් පිල අද ( 05 ) සමත් විය.

තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගයේ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කෙරුණු අතර ඒ අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් කුවේට් යොවුන් කණ්ඩායම පන්දුවාර 23 අවසානයේ කඩුලු 7කට ලකුණු 110 ක් රැස් කිරීමට සමත් විය.

කුවේට් ඉනිම ඇරඹූ මීට් භව්සාර් ( ලකුණු 28 ) සහ ගෝකුල් කුමාර් ( ලකුණු 25 ) බැගින් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් ආකාශ් සිංග් ලකුණු 22කට කඩුලු 3ක් සහ පී ටියාගී ලකුණු 28කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18.1 කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ අර්ජුන් අසාද් පන්දු 58කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.