ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු පකිස්තාන සංචාරය ප්රත්ක්ෂේප කිරීමත් සමග අලුත්ම කණ්ඩායමක් පකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද සිය සංචාරය ප්‍රතික්ෂේප කිරීම නිසා කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
සංචාරය ප්‍රතික්ෂේප කළ සෙසු ක්‍රීඩකයන් අතර ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දිකුවැල්ල, කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා ඒ අතර වෙති.
සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 25 වැනිදා පකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර පළමු එක්දින තරගය 27 වැනිදා පැවැත්වේ.
Be the first to comment