ටෙස්ට් පිටියෙන් සමුගත් නබීට, රශීඩ්ගෙන් තෑග්ගක්

බංග්ලාදේශට එරෙහිව ලැබු පළමු ටෙස්ට් ජයග්‍රහණයෙන් පසු එහි තරගයේ වීරයා සම්මානය ඇෆ්ගනිස්තාන යොවුන් නායක රශීඩ් ඛාන්ට හිමි වුවද, තම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් නබී වෙත එය ලබා දීමට රශීඩ් ඛාන් පියවර ගෙන තිබේ.

නබී කියන්නේ මට ලෙජන්ඩ් කෙනෙක්. ඔහු ක්‍රීඩා කළේ ඔහුගේ අවසන් ටෙස්ට් තරගය. මෙම තරගය දිනන්න  ඔහු අපිට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ නිසා මම ඔහුගේ ඉදිරි කටයුතු වලට සුබ පතනවා වගේම මට ලැබුණු මේ තරගයේ වීරයා සම්මානය ඔහුට ලබා දෙන්න තීරණය කළා යැයි රශීඩ් ඛාන්  අදහස් දක්වමින් කියා සිටියේය.

ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රශීඩ් ඛාන්  වැඩිදුරටත් කියා සිටියේ, මෙය අපි කණ්ඩායම එකතු වී ලබාගත් ජයග්‍රහණයක් බවයි. එහිදී පළමු ඉනිම ගොඩ නැගීමට පිතිකරුවන් ලබාදුන් සහයට ඔහු ස්තූතිය පළකර සිටියේය. පිතිකරුවෙකුට කඩුල්ල ආරක්ෂා කරගෙන ඉන්න කොතරම් වෙහෙසක් දරන්න ඕනද කියාලා මට තේරුනේ මමත් පිතිකරුවෙක් වගේ ලකුණු අතරට ආපු නිසා. ඒ නිසා නබී වෙනුවෙන් මගේ මේ සම්මානය ඔහුට දෙනවා.

මොහොමඩ් නබීට තම අවසන් තරගයේදී පිතිකරුවෙකු වශයෙන් දක්ෂතා අතරට ඒමට අවස්ථාවක් හිමි නොවූ අතර එහිදී පළමු ඉනිමේදී ඔහු ලකුණු නොලබාම දැවීගියේය.   සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. නමුත් පන්දුවෙන් දක්ෂතා අතරට පැමිණෙමින් පළමු ඉනිමේදී ලකුණු 56කට කඩුලු 3ක් බිද හෙලීමට නබීට හැකියාව ලැබිණ. දෙවැනි ඉනිමේදී ද ලකුණු 39කට එක් කඩුල්ලක් ලබා ගනිමින් ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණයට ඔහු දායකත්වය ලබා දීමට කටයුතු කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගයෙන් ලකුණු 224ක විශිෂ්ඨ ජයක් ලැබූ රශීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය රටෙන් එපිටතදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට අවස්ථාව හිමිවිය.

තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ නායක රශීඩ් ඛාන් සිය පළමු ඉනිමෙන් ලකුණු 55කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමෙන් ලකුණු 49කට කඩුලු 6ක් බිද හෙලමින් ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය ගෙන ඒමට කටයුතු කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.