යොවුන් ආසියානු කුසලාන ශූරතාව යලිත් ඉන්දියාවට

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව  කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද ( 14 ) පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලැබූ ඉන්දීය යොවුන් කණ්ඩායම මෙවර 19න් පහළ ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 33කදී සියලු දෙනාදැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක අක්බර් අලී ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය යොවුන් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට පන්දුවෙන් දස්කම් දැක්වූ අතර්වා අන්කොලේකාර් ලකුණු 28කට කඩුලු 5ක් බිද හෙලමින් විශිෂ්ට දක්ෂතා දැකුවීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ද පන්දුවාර 32.4කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 106ක් පමණි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් කරන් ලාල් ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.