ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු, බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් බිද දමයි

තරග තහනමෙන් පසු ක්‍රිකට් පිටියට පැමිණ තමන් මුහුණ දුන් පළමු ටෙස්ට් තරගාවලියේදීම වාර්තා රැසකට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සමත් වූ අතර එහිදී කැපී පෙනෙන කාරණයක් වූයේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් පසුකර යමින් ඔහුගේ වාර්තාවක් බිද හෙලීමට සමත් වීමය. ඒ, අළු බඳුන ක්‍රිකට් තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකු එකලග ඉනිම් 10 තුළදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමිනි.

මීට පෙර මෙහි පෙරමුණ ගෙන සිටියේ 1937- 1946 කාල වකවානුව තුළ ඉනිම් 10 තුළදී  ද්විත්ව ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමගින් ලකුණු  1236ක් ලබාසිටි ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ය. නමුත් ඔහුගේ වාර්තාව බිද හෙලූ ස්ටිව් ස්මිත්  2017 සිට මේ වසර දක්වා ඔහු අළු බඳුන තරගාවලියේ සහභාගී වූ අවසන් ඉනිම් 10 තුළදී, ද්විත්ව ශතක 2ක් සහ ශතක 3ක් සමගින් ලකුණු 1251ක් රැස්කර ගෙන සිටියි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ස්මිත් අවසන් වරට ක්‍රීඩාකළ ඉනිම් 10තුළදීම ලකුණු 50 ට වැඩියෙන් ලබා තිබීමය. දොන් බ්‍රැඩ්මන්ගේ එම ඉනිම් 10 තුළදී, අවස්ථා 2කදී ලකුණු 18කට සහ ලකුණු 16කට දැවී ගොස් තිබේ.

ස්ටිව් ස්මිත්ගේ අවසන් ඉනිම් 10 ( 2017-2019 )

ලකුණු – 239,  76,  102*,  83, 144, 142, 92, 211, 82, 80

දොන් බ්‍රැඩ්මන්ගේ ඉනිම් 10 ( 1937 – 1946 )

ලකුණු – 212, 169, 51, 144*, 18, 102*, 103, 16, 187, 234

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.