ජපානයට පැරදුණු ශ්‍රී ලංකාවට සිව්වැනි තැන

සත් සමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති තරගයෙන් ලකුණු 40 – 0 කින් ජයගත් ජපානය මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි අදියරේදී සිව්වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් ජපන් ක්‍රීඩකයන් පළමු වටයේ පැවති තරගයේදී මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් ලබා නොදුන්හ.

ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරග 3න් 2ක්ම ජය  ගැනීමට සමත් වුවද එවරද ජපානය හමුවේ ලකුණු 37 – 0 කින් පරාජයට පත්විය.

චීනය හා හොංකොං රාජ්‍ය අතර පැවති කුසලාන ශූරතාවේ අවසන් තරගයෙන් ලකුණු 14 – 7කින් ජයගත් හොංකොං කණ්ඩායමට මෙවර කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් විය.

චීනය ලකුණු 17 -0 කින්  පරාජය කළ කොරියාව පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය


තෙවැනි තැන රැක ගන්න ජපානය සහ ශ්‍රී ලංකාව යලිත් පිටියට

සත් සාමාජික රග්බි තරගාවලියේ හොං කොං රාජ්‍යට එරෙහිව පැවති අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 55- 0 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට කුසලාන ශූරතාවේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මග හැරී ගියේය.

ඒ අනුව තරගාවලියේ තෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට  තවත් තරගයකට අද මුහුණ දීමට සිදුව ඇත.  එහිදී ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදු වන්නේ චීනය හමුවේ පරාජයට පත් වූ ජපන් කණ්ඩායම සමගිනි.

එහෙත් ශ්‍රී ලංකාව ජපානය සමගින් පළමු වටයේ පැවති තරගය ලකුණු 37 – 0 කින් පරාජයට පත් විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව දකුණු කොරියාවට එරෙහිව පැවති තරගය ලකුණු 28-5 කින් ජයගත් අතර චීන තායිපේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයද ලකුණු 26 – 17 කින් ජය ගැනීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.