ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සහ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත.
ප්‍රසාද ලකුණු 937ක් හිමිකර ගෙන සිටින ස්මිත්, දෙවැනි ස්ථානයේ රැදී සිටින ඉන්දීය නායක විරාට් කෝලිට වඩා ප්‍රසාද ලකුණු 34කින් පෙරමුණ ගෙන සිටියි. ස්මිත් මෙවර අළු බඳුන තරගාවලිය ආරම්භ කිරීමට පෙර මෙම සටහනේ රැදී සිටියේ ප්‍රසාද ලකුණු 857ක් සමගින් සිව්වන ස්ථානයේය. ඔහු මෙවර තරගාවලියේ ඉනිම් 10 තුළදී, ලකුණු 774ක් රැස් කිරීමට සමත් විය.
පිතිකරණ අංශයේ මෙන්ම පන්දු යවන්නන්ගේ සටහනේ ද පෙරමුණ ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් කඩුලු 29ක් බිද හෙලමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ඔහු ටෙස්ට් පන්දුයවන්නන්ගේ සටහනේ පෙරමුණේ රැදී සිටිනුයේ ප්‍රසාද ලකුණු 908ක් හිමිකර ගනිමිනි.
ඔවුන්ට අමතරව මෙවර අළු බඳුන තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසි මැතිව් වේඩ් ස්ථාන 32ක් ඉදිරියට පැමිණෙමින් පිතිකරුවන්ගේ සටහනේ 78වන ස්ථානයේත්, මිචෙල් මාෂ් ස්ථාන 20ක් ඉදිරියට පැමිණෙමින් පන්දුයවන්නන්ගේ සටහනේ 54වන ස්ථානයේත් රැදී සිටිති.
එංගලන්ත පිතිකුරවන් වන ජොස් බට්ලර් හොඳම පිතිකරුවන් 30 දෙනා අතරට පිවිසෙද්දී, රොරී බර්න්ස් ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් 56 වන ස්ථනයේ රැදී සිටියි. ජෝ ඩෙන්ලි මෙවර තරගිවලියේදී ලකුණු 94ක් රැස් කිරීමත් සමග ඔහුට 57 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථව හිමි විය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වන ජොෆ්රා ආචර් තමන් සහභාගී වූ පළමු ටෙස්ට් තරගාවලියේදීම කඩුලු 22 ක් තමන්ගේ ගිණුමට එක්කර ගැනීමට සමත් වූයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහනේ 37 වැනි ස්ථානය හිමිකරගනිමිනි.
මෙවර තරගාවලියේ අසාර්ථකම පිතිකරුවා බවට පත්වූ ඩේවිඩ් වෝනර්ට ඔහු මුහුණ දුන් ඉනිම් 10 තුළදීම රැස්කර ගතහැකි වූයේ ලකුණු 95ක් පමණි. ඒ අනුව ඔහුට මෙම වර්ගීකරණයේ හිමිව ඇත්තේ 24 වැනි ස්ථානයයි.
නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ සටහන
ස්ථානය |
(+/-) |
පිතිකරු |
කණ්ඩායම |
ප්‍ර.ල |
සාමාන්‍ය |
ලැබූ ඉහළම ප්‍ර.ල |
1 |
( – ) |
Steve Smith |
Aus |
937 | 64.56 |
947 v SA at Durban 2018 |
2 |
( – ) | Virat Kohli | India | 903 | 53.14 |
937 v Eng at Southampton 2018 |
3 |
( – ) | K Williamson | NZ | 878 | 52.22 |
915 v Ban at Hamilton 2019 |
4 |
( – ) | C Pujara | India | 825 | 49.87 |
888 v SL at Nagpur 2017 |
5 |
( – ) | Henry Nicholls | NZ | 749 | 44.25 |
778 v Ban at Wellington 2019 |
6 |
( – ) | Joe Root | Eng | 731 | 47.91 |
917 v Aus at Trent Bridge 2015 |
7 |
( – ) | A Rahane | India | 725 | 42.23 |
825 v NZ at Indore 2016 |
8 |
( – ) | Tim Latham | NZ | 724! | 44.03 |
724 v SL at Colombo (PSS) 2019 |
9 |
( – ) | D Karunaratne | SL | 723 | 36.93 |
754 v SA at Colombo (SSC) 2018 |
10 |
( – ) | Aiden Markram | SA | 719* | 43.8 | 759 v Aus at Johannesburg 2018 |
නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහන
ස්ථානය |
(+/-) | පන්දු යවන්නා | කණ්ඩායම | ප්‍ර.ල | සාමාන්‍ය |
ලැබූ ඉහළම ප්‍ර.ල |
1 |
( – ) | Pat Cummins | Aus | 908 | 21.45 |
914 v Eng at Old Trafford 2019 |
2 |
( – ) | K Rabada | SA | 851 | 21.77 |
902 v Aus at Port Elizabeth 2018 |
3 |
( – ) | J Bumrah | India | 835*! | 19.24 |
835 v WI at Jamaica 2019 |
4 |
( – ) | Jason Holder | WI | 814 ! | 27.26 |
814 v India at Jamaica 2019 |
5 |
( – ) | V Philander | SA | 813 | 21.64 |
912 v India at Johannesburg 2013 |
6 |
( – ) | J Anderson | Eng | 798 | 26.94 |
903 v India at Lord’s 2018 |
7 |
( – ) | Trent Boult | NZ | 795 | 27.35 |
825 v Eng at Lord’s 2015 |
8 |
( – ) | Neil Wagner | NZ | 785 | 27.51 |
801 v Ban at Wellington 2019 |
9 |
(+1) | Kemar Roach | WI | 780! | 26.94 |
780 v India at Jamaica 2019 |
10 |
(+1) | M Abbas | Pak | 770* | 18.86 |
838 v NZ at Abu Dhabi 2018 |
Be the first to comment