ලෝක කුසලාන රග්බි තරගාවලිය – ඕස්ට්‍රේලියාව ලකුණු 39 – 21 කින් ෆීජි රාජ්‍ය පරදයි  

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ ඩී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ඕස්ට්‍රේලියාව සහ ෆීජී රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 39 – 21 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව අද ( 21 ) සමත් විය.

පළමු අර්ධය නිමාවේදී ලකුණු 14 -12 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ෆීජී රාජ්‍ය මෙල්ල කරමින්  ඕස්ට්‍රේලියානු ඉදිරි ආරක්ෂක වළල්ල දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූයේ ඕස්ට්‍රේලියාවට මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය හිමිකර දෙමිනි.

ඕස්ට්‍රේලියාවේ ම්චෙල් හූපර් ( 17 මිනිත්තුවේදී ), රීස් හොඩ්ජ් ( 35 මිනිත්තුවේදී ), ටොලු ලාටා ( 56 සහ 61 වැනි මිනිත්තුවේදී ), සමු කෙරෙවි ( 68 මිනිත්තුවේදී ) සහ මරිකා කොරෙයිබෙට් ( 71 මිනිත්තුවේදී ) සිය උත්සාහ දිනුම් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ.

ඕස්ට්‍රේලායව උත්සාහ දිනුම් 6ක්, ප්‍රවර්ථන 3ක් සහ එක් දඩුවම් පහරක් සමගින් සිය ලකුණු පුවරුවට ලකුණු එක් කිරීමේදී, ෆීජී රාජ්‍යට ලබාගතහැකි වූයේ උත්සාහ දිනුම් 2ක්, දඩුවම් පහර 3ක් සහ එක් ප්‍රවර්ථන අවස්ථාවක් පමණි.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.