ලෝක කුසලාන රග්බි තරගාවලිය – ආජන්ටිනාව හැඬවූ ප්‍රංශයට තියුණු ජයක්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  “ සී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ප්‍රංශය සහ ආජන්ටිනාව අතර තරගයෙන් ලකුණු 23 – 21 ක තියුණු ජයක් ලැබීමට ප්‍රංශය අද ( 21 )  සමත් විය.

තරගය ආරම්භ වී මිනිත්තු 20 ක් තුළදී ලකුණු 07 – 03 ක් ලෙස පෙරමුණ ගත් ප්‍රංශය, තරගයේ පළමු අර්ධය නිමාවන තුරුම ආජන්ටිනාවට වෙනත් කිසිදු ලකුණක් එක්කර ගැනීමට අවස්ථාව ලබා නොදුන්නේය. ඒ අනුව පළමු අර්ධය ලකුණු  20 – 03 කින් පෙරමුණ ගැනීමට ප්‍රංශයට හැකියාව ලැබිණ.

පළමු අර්ධයේදී සිදු වූ වැරදී නිවරදි කර ගනිමින් දෙවැනි අර්ධය ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ආජන්ටිනා ක්‍රීඩකයෝ ප්‍රංශය සතුව තිබූ වාසිය ක්‍රම ක්‍රමයෙන් ගලවා ගැනීමට සමත් වූයේ සිය ආජන්ටිනා ලකුණු පුවරුව මිනිත්තු 60ක් තුළදී ලකුණු 18ක් දක්වා ඉහළට ඔසවා තැබීමත් සමගය. ඒ වනවිටත් ලකුණු 20 – 18 කින් ප්‍රංශය පෙරමුණ ගෙන සිටියද, තරගයේ වාසිය දෙපැත්තටම දෝලනය වෙමින් පැවතුණි.

එකී වාසියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් ආජන්ටිනාව දඩුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු 21 – 20 කින් පෙරමුණ ගැනීමට සමත් වුවද, මිනිත්තුවක්වත් යාමට මත්තෙන් ප්‍රංශයට ලැබුණු ඩ්‍රොප් ගෝල අවස්ථාව සාර්ථක වීමත් සමග ලකුණු 23 – 21 ක් ලෙස නැවතත් ප්‍රංශය පෙරමුණ ගත්තේය.

අවසන් මිනිත්තු 10 තුළදී, කණ්ඩායම් දෙකටම දඩුවම් පහර අවස්ථාව බැගින්  හිමි වුවද, එකී අවස්ථාවන් දෙකම කණ්ඩායම් දෙකට මගහැරි ගියේය. ඒ අනුව ඒ වනවිටත් ලකුණු 2කින් පෙරමුණ ගෙන සිටි ප්‍රංශයට තරගයේ ජයග්‍රහණය හිමි විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.