ශ්‍රී ලංකා – පකිස්තාන් සංචාරයේ තරග තීරක ධූරය ඩේවිඩ් බූන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි 20 තරගාවලියන්හි තරග තීරකවරයා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන ඩේවිඩ් බූන් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි 20 තරගාවලියේදී ඩේවිඩ් බූන් ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

තරග තීරකවරයෙකු ලෙස මනා පළ පුරුද්දක් සහිත ඩේවිඩ් බූන් මේ වනවිට එක්දින තරග 135ක් සහ විස්සයි 20 තරග 51 කදී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කරච්චි නුවරදී දෙරට අතර  මේ මස 27 වැනිදා ආරම්භ වන පළමු එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.