ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කීරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙල මෙම 26 දා සිට 29 දා දක්වා, කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට ඇදහැලෙන වර්ෂාව තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාධාවක් එල්ල කිරීමට බොහෝ ඉඩකඩ පවතී.
මේ හේතුවෙන් තරගාවලිය කල් දැමීම සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
දිවයිනේ සියලූම දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000ක ට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමට නියමිත අතර වයස අවුරුදු 20 න් ඉහළ හා පහළ වශයෙන් වයස් කාණ්ඩ 02 ක් යටතේ පැවැත්වෙන අතර, මෙහිදී කාන්තා, පිරිමි ජවන හා පිටිය තරග ඉසව් 68ක් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තරග වදිති.
31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම 2018 වසරේ මෙම කී‍්‍රඩා උළෙලේ 20 න් පහළ කාන්තා තුන් පිම්ම තරග ඉසව්වෙන් මීටර් 11.95 ක දක්ෂතාවක් දක්වමින් දක්ෂතම කී්ර්රඩිකාව වූ වී.ආර් හිමාෂා කුරේ, 20 න් පහළ පිරිමි මීටර් 200 තරග ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කරමින් තත්පර 21.33ක දක්ෂතාවයක් දක්වා දක්ෂතම ක්‍රීඩකයා වූ, මාතලේ දිස්ති‍්‍රක්කයේ එස්. පී. ඒ දර්ශන, 20 න් ඉහළ කාන්තා මීටර් 400 තරග ඉසව්වෙන් තත්පර 54.52 ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩිකාව වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නදීෂා රාමනායක 20 න් ඉහළ පිරිමි උස පැනීම තරග ඉසව්වෙන් මීටර් 7.23 ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා වූ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඩබ්. පී. අමිල ජයසිරි යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් සිදු කීරීමට නියමිතය.
පුරා තෙදිනක් තිස්සේ පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙලේ, කාන්තා හා පිරිමි වොලිබෝල්, නෙට්බෝල්, කබඩි අවසන් තරග මෙන්ම, 3 වැනි ස්ථානය සඳහා වන තරග ද මෙම කී‍්‍රඩාංගණයේදීම පැවැත්වීම මෙවර විශේෂත්වයක් වනු ඇත.
තරගාවලියේ සමාරම්භක උළෙල, මෙම 26 දා ප.ව 3.00 ට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්යක්ෂ ජනරාල් නීතිඥ කනිෂ්ක සුරනිමල රාජපක්ෂ හා අනෙකුත් ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති සමාචාර උළෙල, 29 දා ප.ව 4.00, ට පැවැත්වේ.
Be the first to comment