ලෝක කුසලාන රග්බි – සැමෝවා පරදන්න රුසියාව මාන බලයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “  ඒ “ කාණ්ඩයේ තරගයක් වන රුසියාව සහ සැමෝවා අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද ( 24 ) ප.ව 3.45 ට ආරම්භ වීමට නියමිතය.

රුසියාව මේ වනවිටත් ඔවුන් සහභාගී සහභාගී පළමු තරගයම සත්කාරක ජපානය හමුවේ පරාජය වී ඇති හෙයින් මෙම තරගයේ ජය පරාජය මත ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වනු ඇත. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් 20 අතරින් ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාව 20 වැනි ස්ථානයේත්, සැමෝවා 16 වැනි ස්ථානයේත් පසුවෙයි.

ජපානය සමගින් පැවති තරගය ලකුණු 30 – 10 කින් පරාජය වීමට රුසියාවට සිදුවිය. සැමෝව කණ්ඩායමේ පුහුණුකරු ස්ටීව් ජැක්සන්  විසින් සිය පළමු තරගයට මෙතෙක් ලෝක කුසලානයකට ක්‍රීඩා නොකල ක්‍රීඩකයන් 8 දෙනෙකු  එක් කිරීමට පියවර ගෙන තිබේ. රුසියානු කණ්ඩායම කිසිදු වෙනස්කමක් නොමැතිව පළමු තරගයේදී ක්‍රීඩාකළ කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

“ සැමෝවා කියන්නේ වෙනස්ම වූ ආක්‍රමණශීලි කණ්ඩායමක්. ඔවුන්ගේ පිටියේ දක්ෂතාතා බැලුවම ඉතා භයංකාර කණ්ඩායමක්. මේ තරගය ජය ගන්න අපි උපරිමය කරන්න උත්සාහ කරනවා යැයි රුසියානු පුහුණුකරු කියා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.