ශ්‍රී ලංකා – පාකිස්තාන් –  ශඩාබ් ඛාන් සම්පූර්ණ මුදල විපතට පත්වූවන්ට පරිත්‍යාග කිරීමට සැරසෙයි

පාකිස්තානයේ කාශ්මීර් ප්‍රදේශයට පසුගිය අඟහරුවාදා ඇති වූ භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 200 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ශඩාබ් ඛාන් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරගාවලියෙන් ලබන සියලු මුදල් විපතට  පත්වූවන් සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මේ මොහොතේ අවශ්‍යතා සහිත අපගේ සහෝදර සහෝදරියන්හට උදව් කරන ලෙසයි.

දෙරට අතර හෙටින් ( 27 ) ඇරඹෙන පළමු එක්දින තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වීමට නියමිතය. 2009 වසරින් පසු පාකිස්තානයේ පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කරනු ලබන්නේ, වසර 10කට පසුව වීම විශේෂත්වයකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.